Sanghamitta Balika Vidyalaya Galle

School Anthem

පාසල් ගීතය

ජම්බුද්වීප නම් මනහර මහා දේශයේ
ධර්මාශෝක රජුගෙ දියණි සංඝමිත්ත ඒ
නේක රාජ සම්පත හැර පැවදිව සස්නේ
ඒ උතුම් රහත් බවක් ලැබූ ඒ උත්තමාවගේ
ධීර වීර සීල ආදි අනගි ගුණ දහම්
බාල මෙ අපි බැති පෙමින් පුරුදු කරමු දැන් ……ග…//
සිරි ලක් කතුන්ට තිලකයක් වූ සඟමිත් මාතා ඒ
රැගෙන ආවෙ බෝ කුරක් මරාමිණක් මෙනේ
පෙර අප මුණි රජුට නැණ වඩන්ට සෙවණ දුන්
ඒ බෝපත් වල පැහැයෙන් යුත් ධජ ඔසවල දැන්
ලොවට පාමු සුසිරි දම් මෙ සිප් ඛෙලෙන් ලැබූ
පතුරමූ සෙත් ශාන්ති ශී්‍ර සමගි දම් වඩා……………//
සංඝමිත්ත නම් ලැබු පාසලෙහි බාලිකා
ඒ නැණැති ගුණැති මාතාවගේ පාරෙ අඩි තබා
ලංකා මාතාවන්ට සේව කරමු නිතියෙනා
සම්බුදු සසුන ලොවේ බබලවන්නටා……………//

ගීත රචනය – නීනා පෙරේරා මහත්මිය
තනු නිර්මාණය – ට්‍රික්සි අබේගුණවර්ධන මහත්මිය

Event Calendar

2019 March 09
Sanghamitta Centenary Walk